Colombo Today Local News

තෙල් ටැංකි 98ත් සමග ත්‍රිකුණාමලයේ අක්කර එකොළොස්දාහක් ඉන්දියාවට !!

ත්‍රිකුණාමලය වරායේ ඇති තෙල් ටැංකි 98 ඉන්දියාවට පවරාදීමේ රජයේ සූදානම නිසා අක්කර 11,000ක් සහිත ත්‍රිකුණාමල වරාය භූමියම ඉදිරියේදී ඉන්දියාවේ ව්‍යාපාරික ස්ථානයක් විය හැකි බවත් සීපා ගිවිසුම මඟින් යෝජනා කර ඇති පරිදි ත්‍රිකුණාමලය වරාය තුළ යකඩ උණු කිරීමේ මධ්‍යස්ථානයක් සහ නැව් තැනීමේ මධ්‍යස්ථානයක්ද ඇති වීම නොවැළැක්විය හැකි අතර ඒ අනුව දැනට ක්‍රියාත්මක නොවන සීපා ගිවිසුමද බල රහිතව ක්‍රියාත්මක වීමක් සිදුවිය හැකි බවද සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවැසීය.

මේ හේතුවෙන් ඉන්දීය ශ්‍රමිකයන්ද ලංකාවට පැමිණීම වැළැක්විය නොහැකි අතර බහාලුම් මිලියන 6ක් කොළඹ වරායෙන් මෙහෙයවීමට හැකියාව ලැබුණා යැයි පැවැසුවද එම ලාභය පෞද්ගලික ආයතන දෙකකට ලැබුණු බවද මහගමගේ මහතා පැවැසීය.
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයද රජය මඟින් විකිණීමේ සූදානමක් පවතින නිසා එය පැරදවීම වෙනුවෙන් ගන්නා සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද චන්ද්‍රසිරි මහතා පැවැසුවේය.

‘මව්බිම’ පුවත්පතට අදහස් දක්වමින් චන්ද්‍රසිරි මහගමගේ මහතා මෙසේද පැවැසීය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දුන්නොත් ඉන්දියන් තෙල් ඒකාධිකාරියක් රට තුළ ඇති විය හැකියි. අපිට මේ කාර්යයට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්න බැහැ. අපේ පක්ෂයේ ආණ්ඩුවක් යටතේ මුළු රටේම අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභයෙන් අපි ලබාදෙන්න සූදානම්.
දැන් මේ ආණ්ඩුව කරන්න යන්නේ කුමක්ද? ඉන්දියාව ඇවිත් මේ වරාය සීල් කරයි. මේ රටේ විශාලම සම්පතක් ත්‍රිකුණාමලය වරාය. ඉන්දියන් සමාගමකට මේ තෙල් ටැංකි දුන්නොත් රාජ්‍ය ආයතනයවලට අවශ්‍ය බොර තෙල් ටිකවත් අපට ණය ක්‍රමයකට ගන්න බැහැ. තෙල් මිල පාලනය කිරීමටත් හැකිවන්නේ නැහැ. මේ හේතුවෙන් නැඟෙනහිර වරාය ඉන්දියාවේ කොලනියක් බවට පත්විය හැකියි.

අපි මේ ගැන වත්මන් විෂයභාර ඇමැති මහින්ද සමරසිංහ මහතාටත් පැවැසුවා. නමුත් එයා කරන්නේ රනිල් කියන දේයි. මෙහෙම විකුණන්න හැදුවොත් 2020න් පස්සේ මේ රට ඉදිරියට ගෙනියන්න හැකිවන්නේ නැහැ.

මව්බිම

Related posts

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin

සිපෙට්කෝ ඉන්ධන නොදෙන බව කියමින් විරෝධතාවක්… මීගමුව – කොළඹ මාර්ගය වැසෙයි

colombotoday

ආණ්ඩුව යළිත් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරයි. සියඹලාපිටිය නි. කතානයක සටන දිනයි

colombotoday