Colombo Today Local News

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

ජනාධිපතිවරයා විසින් බැදුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා නීතිපතිවරයාට යැවීමත් සමග අගමැතිවරයා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගැනීමට අවධානය යොමුව ඇත.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පැවතීම, බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා බාධාවක් වන බැවින් එය ජනාධිපතිවරයා වෙත පවරාගන්නැයි නාහිමිවරුන්, සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු බවද අගමැතිවරයා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තබා ගනිමින් කඩිනමින් අදාළ පියවර ගැනීමට නොහැකි බවත් සිවිල් සංවිධාන පෙන්වා දී ඇති අතර, බැඳුම්කර කොමිසම මගින් වැරදිකරුවන් බවට පත් කර ඇති අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නායකත්වය ජනාධිපතිවරයා ලබාදිය යුතු බවත් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට ඇතුළත් කරගන්නා ලෙසත් සිවිල් සංවිධාන ඉල්ලා ඇතැයි ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

Related posts

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

මංත්‍රී වරප්‍රසාද එකපාර ඉවත් කරන්න බෑ

Admin

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin