විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, උතුර, නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල මෙම නැවත වන වගා වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.
මීට අමතරව යුද හමුදා කඳවුරුවල ද වන වගා වැඩසටහනක් ක්‍රියාත්මක බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.