Colombo Today Local News

දේශීය සහලට, බාල රට සහල් කලවම් කර විකිණීමේ ජාවාරමක් !

උත්සව සමය ඉලක්ක කරගනිමින් දේශීය සහ විදේශීය සහල් මිශ‍්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ඇතැයි මරඳගහමුල සහල් නිශ්පාදන සංගමයේ සභාපති බී. කේ රංජිත් මහතා පැවසීය.

ප‍්‍රමිතියෙන් තොර කවලම් සහල් වැඩි මිලට ජනතාවට අළවි කරමින් ඇතැම් කූට වෙළදුන් සහල් කිළෝවකින් රුපියල් 20කට වැඩි ආදායමක් උපයන බවද ඔහු කියා සිටියේය.

දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 105ක් වැනි මිලකටත් නාඩු කිලෝවක් රුපියල් 96ක් වැනි මිලකටත් අළවි කරන අතර ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 80ක පමණ මිළකටත් නාඩු කිළෝවක් රුපියල් 60ත් 70ත් අතර මිළකටත් අළවි වන බවද ඒ මහතා පැවසීය.

එම කූට වෙළදුන් දේශීය සහල් වලට සියයට 60ත් 70ත් අතර ප‍්‍රමාණයකින් ආනයනික සහල් මිශ‍්‍ර කර වෙළඳපොළට නිකුත් කරන බවද බී. කේ රංජිත් මහතා සඳහන් කළේය.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පැරකුම් යුගයක්‌ යළි අරඹනවා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

විශ්ව විද්‍යාල 18 කින් එක රටක් එක නීතියක් බලකායට යෝජනා ලබා දෙති.

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday