Colombo Today Local News

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

පොලිස් සේවයේ යෙදී සිටියදී දේශපාලන පලිගැනීම්වලට ලක්වූයේයැයි කියන වත්මන් රජයේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ්‍රාම ගැන්වීමට අදාලව ජාතික පොලිස් කොමිෂම විසින් නිර්දේශ කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති එම නිර්දේශයේ දැක්වෙන්නේ 2000 වසරේ අගෝස්තු මස 24 දා සිටි නැවත සේවයේ පිහිටුවා 2000 වසරේ අගෝස්තු මස 27 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තීමය තීරණයකට අදාලව මෙම නිර්දේශය ලබා දෙන බවත් ජාතික පොලිස් කොමිෂමේ ලේකම්වරයා මෙම නියෝගය ලිඛිතව අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කරමින් දන්වා ඇත.

එමෙන්ම හිඟ වැටුප් ගෙවීමකින් තොරව ඔහු විශ්‍රාම ගැන්වීමට පියවර ගන්නා ලෙසද එම නිර්දේශයේ සඳහන් වෙයි.

Related posts

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin