Colombo Today Local News

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

ශ්‍රී ලංකාවට පැනවූ රුසියානු තේ තහනම පසුපස කෘමි ප්‍රශ්නයට වඩා බරපතළ රාජතාන්ත්‍රික කතාවක් ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අප්‍රකාශිත මෙම සිදුවීම රුසියානු ඔත්තුකරුවකු හා සම්බන්ධ ප්‍රශ්නයක් යැයි කියැවේ.

මෙම තැනැත්තා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව යන දෙරට තුළින් ඉල්ලා සිටියේ තම රටවලට වහාම ඔහුව බාරදෙන ලෙසයි.

ප්‍රබල ඔත්තු සේවා නිලධාරියකු යැයි සැකකරන රුසියානු ජාතිකයා දෙරටෙන්ම ඉල්ලා සිටීමෙන් පසුව ඔහු දකුණේ හෝටලයක නැවතී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණයේ තීන්දුව මත සුදුසු තීරණ ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණු වී තිබිණි.

කෙසේ හෝ අධිකරණයට ඉදිරිපත් කළ මෙම තැනැත්තාට අධිකරණයෙන් ඇප නියම විය. ඉන්පසුව ඔහු අතුරුදන් වී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ ශ්‍රී ලංකාවේදී අතුරුදන් වූ ඔත්තු නිලධාරියා ඇමෙරිකාවටත් වඩා රුසියාවට වැදගත් පුද්ගලයකු වූ නිසා ඒ ගැන රුසියානු බලධරයන්ගේ ඉල්ලීමත් ඊට දැක්වූ ප්‍රතිචාරත් මේ තේ තහනම කෙරෙහි වක්‍රව බලපා ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

අැමරිකාවද තවමත් ෙම් ගැන අැස ගසාගෙන සිටින බව කියැෙව්.

කෙසේ වෙතත් තේ තහනමට මෙරට ඇස්බැස්ටස් තහනමද බලපා තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා තිබුණි.

– deshaya

Related posts

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

colombotoday

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday

හම්බන්තොට අක්කර 15,000ක් එක රටකට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday