Colombo Today Local News

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

රුපියල් ලක්ෂ 150ක පමණ බරපැනක් දරා චීනයේ සංචාරය කිරීමට නියමිත මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත පළමු කණ්‌ඩායම ඊයේ (12 ) පස්‌වරු 2.00 ට චීනය බලා පිටත්ව ගොස් තිබේ.

එහි දෙවැනි කණ්‌ඩායම දෙසැම්බර් 15 වැනිදා ද, තෙවැනි කණ්‌ඩායම දෙසැම්බර් 22 වැනිදා ද චීනය බලා යාමට නියමිත බව පැවසේ.

මොවුන් අදාළ සංචාරයට එක්ව ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරිය වන නිලූකා ඒකනායක මහත්මියගේ අනුමැතියද ඇතිවය.

කෙසේවුවද, අදාළ සංචාරවලට එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දෙසැම්බර් 15 වැනිදාට පෙර නැවත ලංකාවට පැමිණෙන ලෙස ජනපතිවරයා දන්වා ඇතැයිද පැවසේ.

ඒ මෙසේ චීන සංචාරයට එක්වන ඇතැමෙක් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් වන නිසාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය චීනයේ සංචාරයකට එක් නොවුණද, ලබන 12 වැනිදා සිට දින තුනක මාලදිවයින් සංචාරයකට එක්වීමට නියමිත බව පැවසේ.

Related posts

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday

සිංහලයෙකු සමග විවාහවූ කාන්තාවකට ෂරියා නීතිය ක්‍රියාත්මක කල අටළුගමදී පල්ලිය වීඩියෝ කල මාධ්‍යවේදියෙකුටත් පහර දෙයි

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday

තව්හිද් ත්‍රස්ත කදවුරු 7ක්, ආරක්ෂක නිවස්න 17ක් සොයාගනී….

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව කියයි…

colombotoday

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin