Colombo Today Local News

ටෙලිකොම් ලොක්කා, මංගලගේ ගෝලයා ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කල, මුදල් හා ජනමාද්‍ය ඇමති මංගල සමරවීරගේ සමීප මිත්‍රයකු වන දිලීප විජේසුන්දර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ඇමති මංගලගේ මිත්‍රයකු උවත් ඔහුට හිතවත් වෙබ් අඩවි පසුගිය දිනවල දිගින් දිගටම දිලීප විජේසුන්දර මහතාට විරුද්ධව ප්‍රවෘති ව්‍යාපාරයක් ගෙනයනු දක්නට ලැබුනා.

සබාපති P G කුමාරසිංහ මහතා දේශපාලන පවුලකට සම්බන්ධ වුවත් ඉතා මැදහත්ව ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන නමුත් දිලීප විජේසුන්දර මහතා වෙනුවෙන් විශාල වැටුපක් ගෙවුවත් ඔහුගෙන් එතරම් සේවයක් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත නොලැබුණු බවයි ටෙලිකොම් වෘතිය සමිති ප්‍රකාශ කර සිටින්නේ.

මෙම තනතුරට ගැලපෙන පරිදි අද්දැකීම් බහුල නිලධාරීන් ටෙලිකොම් සතුව සිටියත් දේශපාලන මැදිහත්වීම් මත පිටස්තර පුද්ගලයන් ගෙන්වා ආයතනය ඔවුන් යටතට පත් කිරීම තුලින් ආයතනය කඩා වැඩීමට පාර කියන බවයි ටෙලිකොම් සේවකයින් පෙන්වා දෙන්නේ. එබැවින් අද්දැකීම් සපිරි සුදුසුකම්ලත් නිලධාරියකු ආයතනය තුලින්ම තෝරා පත්කර ආයතනයේ දියුණුව සලසන ලෙස සබාපති P G කුමාරසිංහ මහතාගෙන් සියලු සේවකයන් ඉල්ලා සිටින බවයි ඔවුන් සදහන් කර සිටින්නේ.

Related posts

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

colombotoday

ජනපති වැය 300%කින් ඉහළට, අධ්‍යාපනයට වෙන්කළ මුදල් 57.6% කපලා.. එන අයවැයත් පචවැලක්

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති ,රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ

colombotoday

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday