Colombo Today Local News

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවී බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, බැඳුම්කර සිද්ධියට අදාළව තමාට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රසිද්ධියේ කරුණු හෙළි කිරීමට රවී කරුණානායක මහතා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප ප්‍රබලයකු විසින් පලකරන ‘සත්හඬ’ පුවත්පත වාර්තා කරයි.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළමුත් මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු සිය අමාත්‍යංශය යටතේ පාලනය නොවූ බවත්, එවැනි තත්ත්වයක් මත එම ආයතනවල තීන්දු තීරණවලට තමන් වගකිවයුතු නොමැති බවත් සඳහන් කරමින් රවී කරුණානායක මහතා වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබාදී ඇත්තේ එම හෙළිදරව්වේ පළමු පියවර ලෙස බවද එම පුවත් වාර්තාවේ දැක්වේ.

”මම වරදක් කර නැහැ. ඒ නිසා ජනතාව ඇත්ත තේරුම් ගනීවි. එදාට ජනතාව නැවත මා සමඟ එකතු වේවි. කවදාවත් ඇත්ත වසන් කරන්න බෑ. මෙම තත්ත්වය හමුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හැමෝම තමන්ට ඇඟිල්ල දිගු කළත් ඉදිරියේ දී සත්‍ය කුමක්දැයි ජනතාව අවබෝධ කර ගන්නා බව” කරුණානායක මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Related posts

මැතිවරණ කොමිසම වහයි.. ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ ‘හොරෙන්ම’ මුදා හරින්න යහපාලන ප්‍රබල ඇමතිගෙන් රේගුවට නියෝග

colombotoday

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

නැව මුදාහැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි.. නැව බේරාගන්නා හැටි සේනාධිපති කියයි (Video)

colombotoday