Colombo Today Local News

මරික්කාර් කිලී ගේ කණෙන් රිංගයි.. සිරස හොම්බෙන් යයි.. ජනප්‍රිය තරු පෝළිමේ එළියට !

සිරස FM නාළිකාවේ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නන් දෙදෙනෙකු එම තනතුරුවලින් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

මෙසේ ඉවත් කර ඇත්තේ “දහසක් මල්” වැඩසටහන ඉදිරිපත් කළ සිරස වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන අනූෂ සුරේෂ් මුදලිහේරත් සහ තමීරා නිරෝෂනී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ බලපෑම මත පාලනාධිකාරිය විසින් කිසිදු දැනුම් දීමකින් තොරව ඔවුන් හදිසියේම FM නාළිකාවේ සියළු තනතරුවලින් ඉවත් කර මහරාජා ප්‍රධාන කාර්යාලයේ අලෙවි තනතුරු සදහා යොමුකර ඇතැයි සිරස ආරංචි මාර්ග පවසයි.

මරික්කාර්ගේ දේශපාලන ඇගිලිගැසීම්වලට විරෝධය දක්වමින් සිරස FM නාළිකා ප්‍රධානී ලෙස කටයුතු කළ ගිහාන් රොද්‍රිගෝ සහ MTV,MBC ප්‍රවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තනූජා ජයවර්ධන ද පසුගිය සතියේ සිය තනතුරුවලින් ඉවත්වුණු අතර, සති කිහිපයකට පෙර සිරස ආරම්භක සාමාජිකයෙකු වූ කිංස්ලි රත්නායකද ඉවත්විණි.

ඔවුන්ට හිතවත්ව සිටි සහ මරික්කාර්ගේ දේශපාලන බලපෑම්වලට එරෙහිව කෙළින් සිටි සියළු දෙනාගෙන් පළිගැනීම සදහා ඔවුන්ට එරෙහිව ආයතන ප්‍රධානියාට සහ පාලනාධිකාරියට ගතු කේළාම් කියන බවත් සිරසේ ආරංචි මාර්ග කියා සිටී. FM ශ්‍රාවකයන් අතර ජනප්‍රියව සිටින දක්ෂ නිවේදකයන් සහ වැඩසටහන් නිෂ්පාදකයන් කිහිප දෙනෙකු මේ හේතුවෙන් ඉදිරියේදී සිරසෙන් ඉවත් වීමට සූදානමින් සිටිති.

MBC පරිපාලන කටයුතු සදහා එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මැදිහත්වීමට පටන ගෙන කෙටි කාලයක් තුළ සිරසේ කඩා වැටීම ආරම්භ වූ අතර සමීක්ෂණ වාර්තාවලින් 3 වන ස්ථානය දක්වා ඇද වැටිණි.

මේ වන විට ජනාධිපතිවරයාට සමීපව, අගමැතිවරයාට එරෙහිව මාධ්‍ය හසුවරුවන සිරස මාධ්‍ය ජාලය දියාරු කිරීම සදහා එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කොන්තරාත්තුවක් ඉටු කරමින් සිටින්නේ යැයි සිරසට සමීප ආරංචි මාර්ග කියා සිටි.

Related posts

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

Admin

ලාල් කාන්තට ඇප

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන අදත් මැතිවරණ කොමිසමේදී සාකච්ජාවක්

Admin

ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙන්වන්න පුළුවන් – මුදල් ඇමති

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday