Colombo Today Local News

“බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

මෙරට බලය බෙදාදීමේ අවශ්‍යතාවයක්‌ නැති බවත්, සිංහල ජනතාවට ඇති බලය දෙමළ ජනතාවටද ඇති බවත් මඩකලපු ද්‍රවිඩ දේශපාලනඥයකු වූ අරුන් තම්බිමුත්තු මහතා විසින් ප්‍රකාශ කර ඇත.

බලය බෙදාහරින ලෙස ඉල්ලීම් මුළුමනින්ම ප්‍රයෝගයක්‌ බව ද ඔහු කියා සිටියේය. එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ අමතමින් ඔහු මේ බව පළ කළේය. රජය නව ව්‍යවස්‌ථාව පස්‌ස දොරෙන් ගෙන ඒමට ක්‍රියාකරන බව පැවසූ තම්බිමුත්තු මහතා බෙදුම්වාදීන්ගෙන් ශ්‍රී ලංකාව මුදාහැරීම ද්‍රෝහිකමක්‌ නම් තමා ආඩම්බරයෙන් ද්‍රෝහියෙක්‌ වන බව කියා සිටියේය.

වන්නි මෙහෙයුමෙන් මියගිය සංඛ්‍යාව 4000 ක්‌ බව බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ඩේවිඩ් කැමරන් දන්නා බව පැවසූ තම්බිමුත්තු මහතා එහෙත් කැමරන් එය වසන්කර මියගිය සංඛ්‍යාව 40,000 ක්‌ ලෙස කොටි ඩයස්‌පෝරා මතය ප්‍රකාශ කර ඇති බවද තම්බිමුත්තු මහතා පැවැසීය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

colombotoday