ආණ්ඩු බලය ලබා ගත් පසුව වත්මන් රජයේ අය හොරකම් කිරීමට පටන් ගත් බවත්, එම හොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී ජනාධිපතිවරයාට චෝදනා කිරීම බරපතල වරදක් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
දූෂණ වංචා විමර්ශනය සදහා ජනාධිපතිවරයා පත්කර ඇති කොමිසමට සහයෝගය දිය යුතු බවත්, ඊට විරුද්ධ වන්නේ හොරුන් බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේත් දූෂණවලට එරෙහිව සෘජුවම කතා කරන තමන්ව සිරගත කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් පවසයි.