2015 ජනවාරි 08 දා ජනාධිපති බලය හා පසුව ආණ්ඩු බලය ලබාගෙන ගත වු කෙටි කාලය තුළ රටේ ප්රතිරූපය ගොඩනංවමින් සංවර්ධන වැඩකටයුතු විශාල ප්රමාණයකට මුළ පිරීමට හැකි වූ බවත්, පළාත් පාලන ආයතනවල බලය ද ආණ්ඩුවට තිබුණේ නම් මීට වඩා වැඩි වැඩකොටසක් සිදු කිරීමට හැකියාව තිබූ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
2015 වසරේ රටේ බලය ආණ්ඩුවට ලබා ගත්තා සේම 2018 දී ගමේ බලයද ලබාගන්නා බවද අගමැතිවරයා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ 26 එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්වීම අමතමිනි.