Colombo Today Local News

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

යාපනය දිස්ත‍්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 3894 අයත් පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ජලගැලීම් හේතුවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප‍්‍රදේශයේ නිවාස පහක් පූර්ණ හානි සිදුවී ඇති අතර 225කට ආසන්න නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.

යාපනය කරවෙට්ටි ග‍්‍රාමසේවා කොට්ඨාසයේ වැඩිපිරිසක් පීඩාවට පත්ව ඇති අතර එම කොට්ඨාසයේ පවුල් 686 ක පුද්ගලයින් 2335 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

යාපනය ප‍්‍රදේශයේ පවතින කලපුවල ජලමට්ටම ඉහළයෑම හේතුවෙන් වර්ෂාවත් සමඟ ජලගැලීම් තත්ත්වය උද්ගතව ඇතැයිද කීය.

කයිට්ස් , කරෙයිනගර් ,යාපනය, නල්ලූර් , කෝපායි, සන්දිලිපායි , උඩුවිල් , පේදුරුතුඩුව, තෙලිප්පලෙයි, මරදන්කර්ණි ප‍්‍රදේශයේ ජනතාව වැඩිවශයෙන් ජලගැලීම් හේතුවෙන් පීඩාවටපත්ව සිටින අතර එම ප‍්‍රදේශයේ වගාබිම්ද හානි සිදුවී ඇත.

ආපදා කලමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසූයේ පවුල් 438 අයත් පුද්ගලයින් 1636 දෙනකු නිවාස වලින් ඉවත් කොට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවයි.

පීඩාවට පත්වූවන් සඳහා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශය ලේකම් කාර්යාල හා යුද හමුදාව විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පිසූ ආහාර ලබා දීමට කටයුතු කොට ඇති බවද යාපනය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

යාපනය ප‍්‍රදේශයේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 500 අධික වර්ෂාවක් ලැබී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසීය.

Related posts

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin

වෙහෙරහැර රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

Admin

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියට

colombotoday

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday