Colombo Today Local News

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේදී බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයේ යොදවලා – රජ කුමරියක් හෙළිකරයි

ශ්‍රී ලංකාව බංගලා දේශය පිළිපීනය, සෝමාලියා, ජිබුටි නයිජීරියාව, රුමේනායාව සහ බල්ගේරියාව යන රටවල අනාථ දරුවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක වන අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් ප්‍රන්ශයේ ලී මොන්ඩේ නම් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබ දෙමින් මෙසේ හෙළි දරව් කර ඇත.

මෙම රජ කුමරිය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්ධන මෙහෙයුමක් අතර තුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඩ් බින් තලාල් කුමරුගේ පෙර බිරියයි.

ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස් කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්ථනය කර ඇති බවද කුමරිය වැඩි දුරටත් පවසා ඇත.

මෙහිදී මෙම දරුවන් ඔවුන් මිලට ගන්නා අයගේ දේපලක් බවට පත් වන අතර අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නැත.

එමෙන්ම සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත් වන බව කුමරිය පවසා ඇත.

බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළි දරවු කර ඇත.

ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය පවසා ඇත.

Related posts

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

අද උදේ සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්න (PHOTOS)

colombotoday