Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

ත්‍රස්‌ත මර්දන පනත වහාම අහෝසි කරන ලෙස නෝර්වේ, එස්‌ටෝනියාව, ජර්මනිය සහ ඇමරිකාව ඊයේ (15 දා) ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධව විමර්ශනයේදී ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන පරීක්‌ෂණය ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ආරම්භ විය.

මෙහිදී ශ්‍රී ලංකාවට එල්ල වූ යුධ අපරාධ චෝදනා පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ යාන්ත්‍රණය ආරම්භ කරන්නේ කවදා දැයි ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කර ඇත.

ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් අය වධහිංසා පමුණුවන බවට වාර්තාවී ඇති බවද චෝදනා කළ ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට වගකිවයුතු පාර්ශ්වලට එරෙහිව ශ්‍රී ලංකා රජය මෙතෙක්‌ ක්‍රියාකර නැතැයිද සඳහන් කර තිබේ.

දිවයින

Related posts

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

Admin

ශ්‍රී ලංකාවට සිදුකරන විදේශ අතපෙවීම් ගැන මියන්මාර් නායිකාවගේ බලවත් විරෝධය

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

අද විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

colombotoday

කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීමට අතුරු තහනම් නියෝගයක්

colombotoday