Colombo Today Local News

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

මේ දිනවල ඉන්ෆ්ලුවන්සා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ මහතා සඳහන් කරයි.

නොවැම්බර් දෙසැම්බර් මාසවල ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යන බැවින් මේ දිනවල පැතිර යන්නේ ඉන්ෆ්ලුවන්සා බි වෛරසය බව හෙතෙම පැවැසීය.

මෙම වෛරසය කුඩා ළමුන්ට හා වයස් ගතවූවන්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් එවැනි අය සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වෙත ගෙන නොයන්නැයිද හෙතෙම ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපතේ වේදනාව, කෑම අරුචිය මෙම රෝගයේ විශේෂ ලක්ෂණයක් වන බැවින් කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට එම වෛරසය වැඩි බලපෑමක් එල්ල කරන බවද විශේෂඥවරයා කීය.

Related posts

නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් අද ඇරඹේ

colombotoday

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

colombotoday

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday