Colombo Today Local News

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර වර්ධනය වෙමින් පැවති මත ගැටුම මේ වන විට උච්චතම ස්ථානයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දෙපාර්ශවය සමගි කරවීම සදහා එජාපයේ සහ ශ්‍රීලනිපයේ ප්‍රබලයන් දැරෑ සියළු උත්සාහයන් මේ වන විට ව්‍යාර්ථ වී ඇත. ජනාධිපතිවරයා සමීපයේ සිටින එජාප නායකයා සමග දැඩි විරෝධයකින් පසුව උපදේශකයෙකුගේ මැදිහත්වීමද ජනපති – අගමැති සාම වෑයම අසාර්ථක වීමට හේතු වී ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ තත්ත්වය මත සම්මුති ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබදව දැඩි අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති අතර, එජාපය සමග විරසක වීම ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතයටද බෙහෙවින් අහිතකර ලෙස බලපානු ඇතැයි විචාරකයන් පවසයි.

Related posts

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව !

colombotoday

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!

colombotoday

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday