ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුධය හමුවේ රටපුරා ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ වැඩි මිළට පෙට්‍රල් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසේ.
විවිධ පුද්ගලයන් යොදවා සංවිධානාත්මකව ඉන්දන පිරවුම්හල්වල පෝලිමේ රදවා තබා පෙට්‍රල් එකතු කරගෙන වැඩි මිලට විකිණීමේ නිරතව සිටී.
ඇතැම් තැන්හි පෙට්‍රල් ලීටරය රුපියල් 200 ට අලෙවි කිරීමද සිදුවන බව පැවසේ.
මේ අතර පොලිස් නිලධාරියෙකුද පෙට‍්‍රල් පෝලිමේ සිටින පිරිසකට පහර දෙන වීඩියෝවක් සමාජ ජාලාහි සංසරණය වෙමින් පවතී. ඔහු පෙට්‍රල් පෝලිමේ සිටින පුද්ගලයෙකුට පහර දෙමින් පවසන්නේ කෑන්වලට පෙට්‍රල් අරන් ගොස් එළියේ රුපියල් 500ට විකුණන බවයි.