Colombo Today Local News

පෙට්‍රල් හිගය තවත් උග්‍ර වෙයි.. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමති කියයි

ප්‍රමාණවත් ඉන්ධන (පෙට්‍රල්) ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ හා තදාසන්න බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල ප්‍රෙට්‍රල් හිගයක් නිර්මාණය වී තිබේ.

ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වූ බාල ඉන්ධන තොගයන් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ඉන්ධන හිගය ඇතිවී තිබේ.

මේ අතර ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව ප්‍රකාශයක් කරමින් ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසන්නේ අනියත බියක් ඇති නොකරගෙන සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්‍රල් භාවිතා කරන ලෙසයි.

“පෙට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා. මේ හේතුව මත ඉන්ධන පිරිවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා.

එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා. කෙසේනමුත් මේ වන විට මුළු අවශ්‍යතාවෙන් සියයට අසූවක් සැපරීමට අපිට හැකිව තිබෙනවා. ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related posts

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

colombotoday

“දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඉතා හොදයි.. සංහිදියාව ඇතිවන්නේ එතකොටයි“ – ජවිපෙ

colombotoday

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

colombotoday