ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් පාඨලී චම්පික මහතා (02 වැනිදා) පැවසීය.
ඒ සඳහා වන අපේක්ෂකයන් තෝරාගෙන අවසන් බව පැවසූ පාඨලී චම්පික මහතා – බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු කරන බෙදීම් නිසා එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය ස්ථිර යෑයිද කියා සිටියේය.
පාඨලී චම්පික රණවක මහතා (02 වැනිදා) එම අදහස් පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.