ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් එක්වීමට හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනාකුට අවස්ථව හිමිව තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් නිශානි ලියනගේ යන නිලධාරිනියන්ට මෙම අවස්ථාව හිමිව ඇති අතර ඔවුහු වසරක කාලයක් වසරක කාලයක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරී සඳහා එක්වෙති.
ඔවුන් ඊයේ (03දා) යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද හමුවිය.
ඉදිරියේදි තවත් කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා එක්වීමට නියමිතය