Colombo Today Local NewsNew Constitution

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමෙන් වැළකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදුකිරීමට අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනා හා විකල්ප විධිවිධාන පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රකාශය ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති මෙම නිවේදනයට, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන මෙහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමිපාණන් වහන්සේද අත්සන් යොදා තිබේ.

Related posts

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

ළිඳකට වැටී දැරියක් මරුට

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කළ පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 61ක් අත්අඩංගුවේ

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

colombotoday