Colombo Today Local News

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

රජය සහ ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ පවතින විශ්වාසය ජනතාවට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  මහතා පවසයි.

පොලිස් නිළධාරින්ගේ විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කිරිම වෙනුවෙන් ඊයේ(19) පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කිසියම් කාලයක් සේවය කළ පොලිස් නිළධාරින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්විම සහ දක්ෂතා මත වැටුප් හා උසස්විම් ලබාදීම පිළිබඳ වැඩපිළිවෙලක් සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සහභාගී වූ අතර පොලිස් නිළධාරින් 1034 දෙනෙකු සදහා රුපියල් මිලියන 45ක පමණ ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරුණි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

colombotoday

අස්ගිරි නාහිමිගේ ප්‍රකාශයක් වාර්තා කළ මාධ්‍යවේදිනියට මුජිබර් රහුමාන්ගෙන් තර්ජණ !

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday