Colombo Today Local News

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යානුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පවසයි.

අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවයි.

නෙවිල් ප්‍රනාන්දු රජයට පවරාගැනීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තම සංගමය තොරතුරු ඉල්ලා සිටියත් එම තොරතුරු නොමැති බව අමාත්යාංශ දෙක විසින්ම දන්වා එවා ඇතැයි ද හරිත අලූත්ගේ මාධ්‍යට අනාවරණය කලා.

Related posts

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

colombotoday

නීතීඥ සංගමයත් අන්තවාදීන් යටතට.. ලෝකෙට පෙන්නන්න බෞද්ධයන්ට එරෙහි වාර්තාවක් හදයි

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday