Colombo Today Local News

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

වත්මන් රජය යටතේ ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 2773 කින් ඉහළ ගොස්‌ රටේ ණයබරතාව භයානක අදියරකට පත්වී ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ අනුව 2014 වසර අගදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 71.3 ක්‌ වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය 2017 ජුනි 30 දින වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 84.8 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා කියයි.

වර්ෂ 2006 සිට වර්ෂ 2014 දක්‌වා මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බරතාව රු. බිලියන 5169 කින් වැඩි වූ බවත් එහෙත් එම කාලය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ නිසා රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 90.6 සිට සියයට 71.3 දක්‌වා සැලකිය යුතු ලෙස අඩු බවත් කබ්රාල් මහතා සඳහන් කරයි.

මේ රජයේ ගෙවී ගිය කාලය තුළ මෙසේ රටේ ණය බර වැඩි වුවත් එම ණය හරහා රටේ යටිතල පහසුකම්වල සංවර්ධනය වී නොමැති බව බොහෝ දෙනාගේ මතය වී ඇති බවද එහෙත් රාජපක්‍ෂ පාලන සමය තුළ රටේ යටිතල පහසුකම්වල පුළුල් වර්ධනයක්‌ සිදුවූ බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා කියයි.

තමා මේ සියලු දත්ත ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා ආශ්‍රිතව බව ද ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ පළමු වසර දෙකහමාර තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම සහ වඩාත් ශීඝ්‍රයෙන්ම ණය ගෙන ඇති යුගය ලෙස හැඳින්විය හැකි බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් පෙන්වා දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්… පාතාල ලොක්කෝ දෙදෙනෙක් එළොව යති…

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

Admin

තේ වලට සුදුසු වෙනම පොහොරක්

colombotoday