Colombo Today Local News

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

ආයෝජන මණ්‌ඩලයේ අවසරය යොදාගෙන මෙරටට පැමිණ සිටින ඉන්දියානු පාවහන් කර්මාන්ත ආයතනයක්‌ ඔවුන් නිපදවන සෙරෙප්පු සහ සපත්තු ශ්‍රී ලංකාව තුළ විකිණීමට පටන්ගෙන ඇති අතර එමගින් ශ්‍රී ලාංකික පාවහන් කර්මාන්තය බලවත් අර්බුදයකට පත්ව ඇත.

වීක්‌සි ස්‌ලිපර්ස්‌ ලංකා පුද්ගලික සමාගම යන නමින් මෙරට ක්‍රියාත්මක වන එම පාවහන් සමාගම වීක්‌සි ඉන්දියා නමැති සමාගමේ ශාඛාවකි. එහි නිෂ්පාදනාගාරය මීගමුවේ පිහිටුවා ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්‌ඩ නිෂ්පාදන සංගමය සඳහන් කරන පරිදි වීක්‌සි ඉන්දියා සමාගම ඉන්දියානු වෙළෙඳපොළ තුළද දැවැන්තයෙකි.

දිනකට පාවහන් ජෝඩු එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ නිපදවීමේ හැකියාව එම සමාගමට ඇත. ඒ අනුව නිෂ්පාදන අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර යනාදිය සම්බන්ධයෙන් මෙම සමාගමට විශාල බල අධිකාරියක්‌ ඇති අතර එය ශ්‍රී ලංකාවේ සෙරෙප්පු සහ පාවහන් නිෂ්පාදකයන්ට විශාල බලපෑමක්‌ වනු ඇත. එපමණක්‌ නොව වීක්‌සි සමාගමේ මිල අඩු නිෂ්පාදන හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම මියයනු ඇතැයිද ව්‍යාපාරික ප්‍රජාව පවසති.

වීක්‌සි සමාගම මෙරටට පැමිණ ඇත්තේ ඩොලර් 2,50,000 ක්‌ වැනි ඉතා සුළු ආයෝජනයක්‌ සමගය. මේ සුළු මුදල හරහා දේශීය පාවහන් නිෂ්පාදනය මරා දමන්නට ඔවුන්ට හැකිවීම ෙ€දජනක තත්ත්වයක්‌ බවද පාවහන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

වීක්‌සි සමාගමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ අක්‍රමිකතාවක්‌ සිදුව තිබේද යන ප්‍රශ්නය මේ දිනවල වාණිජ ලෝකයේ කතාබහට ලක්‌ව ඇත.

Related posts

තිරුකුමාර් නඩේෂන් ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

colombotoday

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

colombotoday

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

colombotoday