Colombo Today Local News

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

වයස අවුරුදු 07 ක් වන එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය.

එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.

තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිණි.

කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මඳකින්වත් පැකිළුණේ නැත.

නිලධාරින් යවා දැරිය තමා අසළට කැඳවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසීය.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසඳරක නිරත වූ දැරිය, තමා අතින් ඇඳි චිත‍්‍රයක් ද එතුමා වෙත පිළිගැන්වීය.

එපමණක් නොව එම චිත‍්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට කීවාය.

එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමිනි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

වැල්ලවත්ත මුහුදේ තරුණියකගේ මළ සිරුරක්

colombotoday

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday