Colombo Today Local News

සිරස කෙලින් කරන්න ආ මරික්කාර් හොම්බෙන් යයි.. රේටින් වලින් පහළටම ඇද වැටේ !

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා නවතම වර්ගීකරණයට අනුව අංක 02 ස්ථානයේ සිටි “සිරස FM ගුවන්විදුලිය 03 වන ස්ථානය දක්වා පහත වැටී ඇත.

තුන්වන ස්ථානයේ පසුවූ නෙත් FM නාලිකාව අංක දෙක ස්ථානයට පත්ව ඇති අතර, හිරු FM හතරවන ස්ථානයට පත්ව ඇති අතර වර්ගීකරණයේ ඉහළම තැන දිනාගැනීමට FM දෙරණ සමත්වී තිබේ.

පහත වැටෙමින් පැවති ජනප්‍රියතාවය නැවත ඉහළට එසවීම සදහා මීට මාස තුනකට පෙර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සමූහ නාලිකා අධ්‍යක්ෂවරයා ලෙස පත්කර එවුවද ඔහු යටතේ සිදුවී තිබෙන්නේ සිරස නාලිකාව තිබූ තැනිනුත් පහළට ඇද වැටීමය.

අන්ත ජාතිවාදියෙකු වන මරික්කාර්ගේ අත්තනෝමතික පාලනය යටතේ දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින ආයතනයේ සේවකයන් කළයුතු වැඩ පමණක් කිරීමට පෙළඹී සිටින බවද සිරසේ ආරංචි මාර්ග පවසයි.

මරික්කාර්ගේ පාලනය යටතේ තිබුණාටත් වඩා දේශපාලනීකරණය වීම හේතුවෙන් සිරස ටීවී නාලිකාවද වේගයෙන් ජන අප්‍රියතාවයට පත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

 

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිවියයුතු තැන සහතික කරනු – අගරදගුරු මැල්කම් රංජිත්

colombotoday

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

පළමු වටයේ කොරෝනා මර්ධනය කලේ නෑ යට ගහලා ඡන්දය දිනුවා.. රට ඇතුලේ වෛරසය දැන් මතුවෙලා

colombotoday

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin