Colombo Today Local News

පොලිස් ලොක්කාගෙන් පහරකෑ මාධ්‍යවේදියාගේ කණ පැලී ලේ බැහැලා.. වෛද්‍යවරු කියයි !

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව ඊයේ සංවිධානය කර තිබුණු විරෝධතාව අතරතුරදී උසස් පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ මාධ්‍ය වේදී සුසන්ත බණ්ඩාර කරුණාරත්නගේ කණ පැලී අභ්‍යන්තරයට ලේ බැස ඇති බව විශේෂඥ වෛද්‍යවරයෙක් තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ඔහු රාත‍්‍රියේම රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත්තේ අද දිනයේ වන අතර, අද පෙරවරුවේ මාතරදී කණ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමෙන් පසු මේ බව නිගමනය වී ඇත.

මේ අතර ඉරිදා ඇපල් පුවත්පතේ ප‍්‍රධාන කතෘවරයා විසින් වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයාට වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින සුසන්ත බණ්ඩාර කරුණාරත්න තම පුවත්පතේ මාධ්‍යවේදියෙක් බවයි.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

මාධ්‍යවේදියාට පහර  දුන් අවස්ථාව

[fbvideo link=”https://www.facebook.com/Koththu/videos/800499743475851/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

දුම්බර රක්ෂිතයේ දුක්බර අවසානය! අක්. 21000ක් විකුණයි.. අක්. 900ක් කුකුළ් ගොවිපළකට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා කෙරේ

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin

පියාගේ පොලු පහරින් පුතු මරු දකී

colombotoday

සශී වීරවංශගේ පාස්පෝර්ට් එක ගැන හිටපු ආගමන විගමන පාලක සියල්ල හෙළි කරයි

colombotoday