Colombo Today Local News

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

අනිසි බලපෑම්වලට යටත් විය නොහැකියැයි පවසමින් තුසිත හල්ලොලුව මහතා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තනතුරෙන් තමා ඉවත්වන බව පවසමින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ලිපියන් යොමු කර තිබුණද ඒ වන විටත් ඔහු අදාල සමාගමේ සභාපති ධූරය නොදැරූ බවට හෙළිවන ලිපියක් අපවෙත ලැබී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් යොමුකර ඇති 2017  08 15 දිනැති එම ලිපියෙන් චමින්ද කුමාර ලියනගේ මහතා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තනතුරට පත්කර ඇත.  ඒ අනුව තුසිත හල්ලොලුව තමන් සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බව  2017/09/25 දින ලිපිය ලියන අවස්ථාවෙදීත් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ වෙනත් අයෙකි.

මංගල සමරවීර අමාත්‍යවරායගේද සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන තුසිත හල්ලොලුව ලංකා ඊනිව්ස් හි මෙරට නියෝජිතයා ලෙසද කටයුතු කරන බව ප්‍රසිද්ද රහසකි.  දේශපාලන යටිමගඩිකරුවෙක් ලෙස චිරප්‍රසිද්ධ ඔහුට ගුවන්තොටුපල හරහා සිදුකළ විදේශ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබිණි.

Related posts

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

colombotoday

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

colombotoday