Colombo Today Local News

“මම ලංකාවට ආවේ හොරෙන් නෙවයි.. ආරාධනා කලේ ජනපති මෛත්‍රීයි” – ඩයස්පොරා ලොක්කා එම්මානුවෙල්

තමාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු ආකාරයේ රහසිගත සංචාරයක් නොවන බවත් තමාට ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිපවිටක්ම තමාගෙන් ඉල්ලා සිටි බවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පූජකවරයා පවසයි.

2015 ජනවාරි මස සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු තමා ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය බව කී එම්මෑනුවෙල්  පූජකවරයා සඳහන් කළේ මෙවර සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් රැසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ද හමුවී සාකච්ඡා පැවැත්වූ බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් කාර්යබහුලව හුන් නිසා ජනාධිපතිවරයා මුණගැසීමට නොහැකි වූ බව ද ඔහු කීය.

ලංකාවේ බොහෝ මාධ්‍ය තමා ගැන වැරදි පුවත් මවමින් සිටිය ද තමා සිංහල ජනතාවට එරෙහි පුද්ගලයකු නොවන බව කී පියතුමා වැඩිදුරටත් පැවසූයේ මහනුවර මහ නායකවරුන් සමඟ පවා ඉතා හොඳ සම්බන්ධයක් තමන්ට පවතින බව ය. තම ශිෂ්‍යයන්ට බුදුදහම පිළිබඳ දේශනා පැවැත්වීමට තමා වරෙක නායක හිමිවරුන්ගෙන් සහාය ලබාගත් බව ද ඔහු පැවසීය. එමෙන්ම තමාගේ ගෝලයන්වන කතෝලික පූජකවරු 400ක් පමණ දකුණේ පල්ලිවල සිටින බව ද ඔහු කීය.

යාපනයේ උපත ලැබූ එම්මෑනුවෙල් පූජකවරයා  ශ්‍රී ලංකාවෙන් පිටව යෑමෙන් පසු වාසය කරන්නේ ජර්මනියේ ය. ඊළාම්වාදී මතවාදය ප්‍රචලිත කරන ප්‍රමුඛතම දෙමළ ඩයස්පොරා සංවිධානය වන ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධානිය ලෙස ද ඔහු කටයුතු කරයි. එම්මානුවෙල් පූජකවරයා, කොටි  ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින්, මෙරට  සිංහල බෞද්ධ ජනතාව  මිලේච්ඡයන්  යැයි හගවමින් ලෝකය පුරා  ශ්‍රී ලංකා විරෝධී මතවාදය ගොඩනැගීම සදහා ප්‍රමුඛතම කාර්යභාරයක් සිදුකළ පුද්ගලයෙකි.

 

Related posts

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 5ක්

colombotoday

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන්

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday

ප්‍රතිපත්ති පොලි අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

colombotoday