Colombo Today Local News

බුද්ධචීවරය ඉදිරියට දාගෙන ඒකාබද්ධය කළේ කැත වැඩක්.. රංජන්, ෆොන්සේකාගේ වැඩත් කැතයි

දේශපාලකයන් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බුද්ධ චීවරය භාවිතා කිරීම ඉතා අශෝභන ක්‍රියාවක් බවත්, සිල් රෙදි නඩුවට අදාල දඩ මුදල් එකතු කරවීම සදහා ඒකාබද්ධ විපක්ෂය විසින් භික්ෂූන් වහන්සේලා යොදාගැනීම තරයේ හෙළා දකින බවත් දූෂණ විරෝධි පෙරමුණේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තමන්ගේ වැරදි නියෝග නිසා දඩුවම් ලැබූ නිලධාරීන් දෙපළ වෙනුවෙන් ඉදිරිපත් නොවී, ඒ වෙනුවට භික්ෂූන් වහන්සේලා ඉදිරියට දමමින් ශාසන සම්ප්‍රදාය සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක් කරවීම බරපතල කාරණාවක් බවද එහිමියන් කියා සිටියේය.

එමෙන්ම රජයේ ඇමතිවරුන් වන සරත් ෆොන්සේකා සහ රංජන් රාමනායක භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ ආකාරය ඉතා අශෝභන බවත් ජනතාව නිසි අවස්ථාවේදී ඔවුන්ට පිළිතුරු දෙනු ඇති බවත් ඊයේ පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සුමංගල හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

කොටි ‘මහවිරු‘ සැමරුම දා උතුරේ ශෝක දිනයක් ! වව්නියා කදවුරේ සංගීතයත් නවතී..

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday

ලොකු පුටු ඉල්ලන ඇවිද ගන්නවත් බැරි කොර ගහන අය විශ්‍රාම ගත යුතුයි..

colombotoday

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

colombotoday

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

colombotoday