Colombo Today Local News

කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !

මිලේනියම් සිටි සිදුවීම පිළීබඳව නඩුවක් මෙන්ම දඩුවමක් පැන නොවුණ බවත් ප්‍රශ්නගත බැඳම්කර සිදුවීමට එය වෙනු ඇති බවට තමන්ට සිතෙන බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පුත්තලම, ආනමඩුව, පල්ලම පැවැති උත්සවයක් ඊයේ (15දා) අමතමින් ඔහු මේ බව පැවැසීය.

“දැන් බැඳුම්කර සිද්ධිය ආවා. කමිටු පත් කළා. අධිකරණයට ගියා. මේ සියල්ලම තියෙද්දී ජනපතිතුමා කොමිසමක් පත්කළා. අද කොමිසමේදී යම් යම් කරුණු හෙළි වෙනවා. නීතිය හමුවේ ඔප්පුකරගන්න බැරිවෙයි සමහර විට. සමහරවිට අර මිලේනියම් සිටි සිද්ධිය වාගේ වෙයි. මිලේනියමි සිටි සිද්ධිය ගැන හෙන ශබ්දයක් තිබුණා. කෑගහුවා. කොමසම් පත්කළා. හැබැයි නඩුවක් ගියෙත් නෑ. දඩුවමකුත් නෑ. සමහරවිට බැඳුම්කර සිදුවීම ඉවරවෙද්දී මිලේනියම් සිටි සිද්ධියේ අනිත් එක වෙන්න පුළුවන්. මම දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. අපි බලාගෙන ඉමු. මට හිතෙනවා ඒ වගේ දෙයක් වෙයි කියලා.”

Related posts

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday

VAT වැඩි කළේ ආර්ථිකය ගොඩ ගන්නයි.. ජනතාවට දුක දෙන්න නොවේ

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

colombotoday