Colombo Today Local NewsWorld

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

මියන්මාරයේ රාඛීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් ගම්මානවලින් 40%ක් පමන මේ වන විට හමුදාව යටතට ගෙන ඇති බව මියන්මාර් රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සොයා ගම්මාන 471ක් ඉලක්ක කරගනිමින් පසුගිය අගෝස්තු මාසයේ විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ වුණු අතර මේ වන විට එයින් ගම්මාන 176ක් සම්පූර්ණයෙන්ම හමුදාව යටතට ගෙන ඇත. තවත් ගම්මාන 32ක් ඉලක්ක කරගනිමින් හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මේ වන විට තුන්ලක්ෂ හැත්තෑදහසක් පමණ රොහින්ග්‍යා මුස්ලිම් පිරිසක් දේශසීමා හරහා බංග්ලාදේශයට ඇතුළු වී තිබෙන බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට මියන්මාර් නායිකා, නොබෙල් සාමා ත්‍යාගලාභී අවුන් සාන් සූ කී සහභාගී නොවන බවත්, ඒ වෙනුවට මියන්මාර නියෝජ්‍ය අගමැතිවරයා සහභාගී වනු ඇති බවත් මියන්මාර රජයේ ප්‍රකාශකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

colombotoday

ශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරමින් සිටින මුස්ලිම් සංවිධාන

colombotoday

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday