සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා“ ග්‍රන්ථය එළිදැක්වීම සැප්තැම්බර් 15 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ඒ පිළිබදව “ශ්‍රී ලංකා මිරර්“ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියාය.