Colombo Today Local News

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ අමාත්‍යාංශය මගින් ගෙන ඒමට යන සුනඛ ලියාපදිංචි කිරීමේ පනත අමානුෂික, ශිෂ්ට ලෝකයට නොගැලපෙන, අවිහිංසාවාදය වෙනුවෙන් පෙනී සිටින බුද්ධාගමට මුල් තැන දී ඇතැයි පවසන රටකට නින්දාවක් වන ඝාතක පනතකි.

මේ පනත යටතේ මහමග සිටින සියලු සුනඛයන් අල්ලා රඳවාගෙන හිමිකරුවන් ඉදිරිපත් වී මුදල් ගෙවා ලබා ගන්නේ නැති නම් ඝාතනය කර දැමීමට සියලු කටයුතු සූදානම්ය.

මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයා වන පද්මසිරි සත්ව සුභ සාධන සංවිධාන වලට මෙම පනත පිළිබඳ සාකච්ඡාවලට සහභාගී වීමට පවා ඉඩ ලබා දී නැත. නමුත් ඇමතිවරයා මැදිහත්වීමෙන් සියලු සත්ව සංවිධාන වල නියෝජිතයන් සහභාගී කර ගැනීමට එකඟ වුවත් අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ඔවුන් 4 දෙනෙක් දක්වා අඩු කිරීමට තරම් බලවත්ය.

ෆයිසර් ඇමතිවරයා ඝාතන ප්‍රතිපත්තියට එරෙහිව පෙනී සිටින අතරතුරේ ඔහුගේ ලේකම්වරයා සුනඛ ඝාතක භූමිකාවට අරක් ගැනීමෙන් කියැවෙන්නේ කුමක් ද?

1. එක්කෝ ඇමතිවරයා ඝාතක වැඩපිළිවෙල ලේකම් මත පටවා තමා නොමැරීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින බවට රඟපෑමක් කරයි.එසේ නොවේ නම් තීරණ ගන්නා ඇමතිවරයා පෙනී සිටින නොමැරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යාංශ ලේකම්ට නොහැකි මන්ද?

2.එය එසේ නොවේ නම් ලේකම්වරයාට උපදෙස් දිය හැකි ඇමතිටත් ඉහළින් කෙනෙක් සිටිය යුතුය. ඒසේ නම් ඒ කවුද? මෙගාපොලිස් ඇමතිවරයා සුනඛයන්, ගවයන් සහ යාචකයන් මුලිනුපුටා දැමීම වෙනුවෙන් නැගී සිටි අයෙක් වන අතර ඒහෙත් පළාත පාලන අමාත්‍යාංශයේ ලේකම්ට නියෝග දීමට ඔහු හැකි යැයි විශ්වාස කළ නොහැක.

3.පසුගිය රජය සමයේ නම් ඇමති පසෙක සිටියදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග දෙන ලද්දේ ජනාධිපති බව පැවසෙන අතර එම සම්ප්‍රදායට ඇති නෑ සබඳ කම් යලි අලුත් වී එන්නේ දැයි කිසිවෙක් ප්‍රශ්න කල යුතුය.

4.එසේත් නැතහොත්, පෙර වැරදි සලකා බලන්නේ නම් මේ තුන් කට්ටුවම අතීතයේ කිසියම් දිනෙක සුනඛ ඝාතනය වෙනුවෙන් පෙනී සිට ඇති බවට සාක්ෂි ඇති නිසා මේ ඝාතක පනත ද මේ තුන්ගොල්ලන්ගේම අටමගලක් සේ ගැනීමේ වරද කිම?

තෙවරක් බුදුන් පහස ලැබුවේ යැයි කියාගෙන, උදේ හවස බණ දෙසාගෙන, බුද්ධාගමට මුල්තැන යැයි කියාගෙන ජේ. ආර් අනාවැකි කියූ පරිදි බල්ලෝ මරා හරි ඉතිහාසගත වන නායකයන් කවුදැයි අපි බලා සිටිමු.

කතිකා සංවාද මණ්ඩපය FB

Related posts

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

25දා සුරා සැල් වසයි

colombotoday

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday