Colombo Today Local News

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

පවිත්‍රාදේවි වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ එම මන්ත්‍රීවරුය. නායකත්වය හා, පක්ෂ තීන්දු තීරණවලට අවනත නොවී ඒවා විවේචනය කිරීම නිසා මෙම පියවර ගන්නා බවද පැවසෙයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවහොත් ඔහුගේ මන්ත්‍රීධුරයද අහෝසි වෙයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්තට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කළ විනය පරීක්ෂණයේ තින්දුව අද (28) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

colombotoday

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

“ඉන්දියාවෙන් IT වෘත්තිකයන් ගෙන්වන්නේ ඇමරිකාවට කරට කර තරගයක් දෙන්නයි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday