සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රාජිත සේනාරත්න මහතා තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ද අදහස බව ද ඔහු පවසයි. එමෙන්ම රාජිත සේනාරත්න මහතාට ඇති ඇති නොයෙකුත් චෝදනා නිසා අමාත්‍ය ධුරයට නුසුදුසු බවද ජවිපෙ නායකයා පවසයි.