Colombo Today Local News

මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග පල්ලිමුල්ලේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

නීති විරෝධි මත් කරල් හා ගබ්සා පෙති තොගයක් ළග තබාගෙන සිටි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ඔසුසැල් හිමියෙකු අද (23) කොටවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට අයත් ඖෂධ අලෙවිසැල් හා පල්ලිමුල්ලේ පිහිටි නිවස පරික්ෂා කිරීමේදී මත්කුඩු කරල් 1400ක්, ගබ්සා පෙති 200ක්, ලිංගික උත්තේජක පෙති 10000ක් පමණ සොයාගෙන ඇත.

අදාළ පුද්ගලයා ගබ්සා පෙත්තක් රුපියල් පන්දහසකට ද, මත්කුඩු කරලක් රුපියල් පනහකදට, ලිංගික උත්තේජක පෙත්තක් රුපියල් සියයකට ද අලෙවි කර ඇතැයි තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

මිරිස්ස වෙරළාරක්ෂක බලකායේ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් හා මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් ද මෙම වැටලීමට සහයෝගය ලබා දී ඇත.

Related posts

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

Admin

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

colombotoday