Colombo Today Local News

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ සේවාව ලංකාවට එයි !

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව bdnews24.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය අනාවරණය කර සිටී. දැනට ඉන්දියාව තුළ වැඩිම කුලී රථ සමූහයකට හිමිකම් කියනු ලබන්නේ ද Ola විසිනි.

මෙම මුලපිරීමත් සමඟම ඩකා සහ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක Uber සේවාවන් සඳහා විශාල තරගයක් එල්ල වනු ඇති බව bdnews24.com වැඩිදුරටත් කියා සිටී. 2011 වසරේ දී බැංගලෝරයේ දී ඇරඹි startup ආයතනයක් වන මේ සඳහා ආරම්භයේ දී Falcon Edge Capital හා Ratan Tata ගේ UC-RNT capital විසින් ඩොලර් මිලියන 100 ක ප්‍රාග්ධනයක් යොදවා තිබේ. පසුව ජපාන ආයෝජකයෙකු වන SoftBank Group විසින් තවත් ඩොලර් මිලියන 250 ක් Ola වෙත ආයෝජනය කර ඇත.

මේ වන විට ඉන්දියානු වෙළෙඳපොළ තුළ Ola සහ Uber අතර දැඩි තරඟයක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්දියාවේ නගර 28 ක් පුරාවට දිවෙන මෙම තරඟකාරීත්වය ඉදිරියේ දී කොළඹ සහ ඩකා නගර දක්වා ද පැතිරෙනු ඇති බව bdnews24.com වැඩිදුරටත් කියා සිටී.

AdaderanaBiz

Related posts

අපනයනය කෙරෙන ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදීම ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යෝජනාවක්

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin