Colombo Today Local News

ඇමති හර්ෂ කෝලිත් එක්ක ලෝකෙටම පේන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු වැඩේ !

නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සම ගත් ඡායාරූපයක් සිය ට්වීටර් ගිණුමේ පල කරමින් කළ ප්‍රකාශයක් සමාජජාලාවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේදී ඔවුන් හමුවූ අවස්ථාවේදී ගත් ඡායාරූපයක් පලකරමින් “මම විරාත් කොලීට කිව්වා ශ්‍රී ලංකාවට ගහන්න දෙයක් නෑ කියලා, ලකුණු 600ත් වැඩියි. ග්‍රවුන්ඩ් එකෙ පොඩි නින්දකුත් දාන්න පුලුවන් ඉන්දීය ක්‍රීඩකයන්ට” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හෙළා දකිමින් බොහෝ අය සමාජ ජලා ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, රජයේ අමාත්‍යවරයෙක් රට නියෝජනය කරන කණ්ඩායම අපහසුතාවයට හා හෑල්ලුවට ලක් කිරීම නොහොබිනා ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත්, තමන් කළේ විහිළුවක් යැයි විවේචනවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

 

Related posts

රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday