Colombo Today Local News

රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

‘සිංහලයට තියෙන රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීති අණපනත් හදන තැන තමන් වහන්සේලාගේ නියෝජනයක් අවශ්‍යයි. කුරුණෑගල නාම යෝජනා ප‍්‍රතික්ෂේප වුවත් රට වටේ සිංහලයන් අපේ ජනබල පක්ෂය වෙත ඡන්දය ලබා දුනහොත් තමන් වහන්සේට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව තිබෙනවා යැයි එම පක්ෂයේ සහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති. මේ උන්වහන්සේ සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව ඇති ද, නැද්ද යන්න තීරණය කෙරෙන අභියෝගාත්මක දින කිහිපයක් නේද පසුකරමින් සිටින්නේ..?

පිළිතුර – වෙනදා වගේම මෙම දවස් කිහිපයත් අභියෝගයක් තමයි. අපේ රට වෙනුවෙන් සිදුකරන කාර්යභාරයේදී ගතවූ සහ ගෙවෙන හැම දිනයක්ම අභියෝගාත්මකයි. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දෙස බැලූවොත් ඇත්තටම එය අතිශය දුෂ්කර කටයුත්තක් වෙලා. අපේ දේශපාලන දර්ශනය, ඇයි අපි ඡන්දය ඉල්ලන්නෙ, ඇයි අපි පක්ෂයක් පිහිටෙව්වෙ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න තියෙන මාධ්‍යයන්ගෙ ඉඩකඩ මේ මැතිවරණයේදී අහුරලා. ඒ ගැන අපි කනගාටුවෙනවා. පසුගිය සමයේ පාර්ලිමේන්තුවෙ ඉ`දල වංචාවෙන්, දූෂණයෙන් මුදල් හම්බකරපු අයට නම් ඒක ලොකු ගැටලූවක් වෙලා නැතිව ඇති. මොකද ඔවුන්ට ඒ මුදල් පාවිච්චි කරල රූපවාහිනියෙ, පුවත්පත්වල දැන්වීම් පළකර ගන්න පුළුවන්. ඒත් ගොඩක් දන්නෙ නෑ අපි ඡන්දය ඉල්ලනවදවත් කියලා. තැපෑල හරහාවත් ඒ ගැන දැනුවත් කිරීමේ හැකියාවක් නෑ කොවිඞ් වසංග තත්ත්වය නිසා. රැස්වීම් තියන්න බෑ. ජනතාව දැන් දන්නව ජරාජීර්ණ වුණු පැරැණි දේශපාලනයක් එක්ක ගමනක් යන්න බෑ කියලා. අපි හිතනව ඒ නිසා ජනතාව යම් පමණකට අපට ඡන්දය පාවිච්චි කරයි කියලා. අපට වැදගත් මන්තී‍්‍ර සංඛ්‍යාව නෙමේ. අපට මේ රට ගැන දර්ශනයක්, කියැවීමක් තියෙනවා. ඒ අනුව අනාගතය වෙනුවෙන් අපේ අනාගත දරු පැටව් වෙනුවෙනුයි මේ දේශපාලන ගමන. මේක ජාතික ව්‍යාපාරය තුළ සිට කෑමොර ගැසීමෙන් වැඩක් නෑ. එය අපිට වැටහිලා ඉවරයි. ඒ මේ රටේ ඓතිහාසික ජාතිය වන සිංහල ජාතියේ ආරක්ෂාව තහවුරු කරගන්න නම් ඇත්ත වශයෙන්ම බලය අපි අත්පත් කරගත යුතුයි.

ප‍්‍රශ්නය – භික්ෂුවට දේශපාලනය අකැප නිසා මෙවර මැතිවරණයේදී කිසිදු භික්ෂූන් වහන්සේ නමකට නාම යෝජනා දෙන්න එපා යැයි මහානායක හිමිවරුන් වෙත දේශපාලන පක්ෂ නායකයන්ගෙන් පවා ඉල්ලීම් කළා. මේ පවතින ක‍්‍රමය තුළ භික්ෂුවට දේශපාලනය කළ හැකිද?

පිළිතුර – මේ රටේ දේශපාලකයන් සහ වහල් දේශපාලන මානසිකත්වයෙන් ඒ ඒ දේශපාලන නායකයන් තමන්ගේ නායකයෝ කරගත්තු ඇතැම් පැවිද්දන්ටත්, එහෙයියන් හැටියට කටයුතු කරන පැවිද්දන්ටත් දේශපාලනය අකැපයි කියල මතයක් හදල තියෙනවා. හැබැයි භික්ෂූන්ට දේශපාලනය අකැපැයි කියන වුන් කොහේ හරි දේශපාලන පක්ෂයක ගැත්තෝ. කිනම් හෝ දේශපාලන නායකයකුට කඬේ යනවා. මේ රටේ භික්ෂුවට පැවැරුණු ඓතිහාසික වගකීමක් තියෙනවා. ඒ ඓතිහාසික ජාතික වගකීම හිසින් දරාගෙන වැඩ කළ හාමුදුරුවන්ගේ ලැයිස්තුවක් තියෙනවා. කුඩාපොල හාමුදුරුවන්, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, ඉහගම රතනපාල හාමුදුරුවෝ, වාරියපොල සුමංගල හාමුදුරුවො මේ යනාදී වශයෙන් ලොකු නාමාවලියක් තියෙනවා. එදා මේ හාමුදුරුවන්ටත් චෝදනා නැ`ගුණ. ඒ චෝදනා එල්ලකළ අය ගැන කොහොමත් ස`දහන් වෙන්නෙ නෑ. ඒ නිසා අපට වැදගත් වන්නෙ රට, ජාතිය තියෙන අනතුර. සංක‍්‍රමණික සංස්කෘතික බලවේගවලින් මේ රට මාරාන්තික තැනකට වැටිල තියෙන්නෙ. මේව පිළිබ`ද අපි දිගින් දිගටම හෙළිකරද්දී ඒවට විකල්පයක් නොසොයන අය ‘අපෝ භික්ෂූන්ට දේශපාලනය අකැපයි’ කියනවා.

ප‍්‍රශ්නය – පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 ම අල්ලා දියවන්නාවට දැමිය යුතුයි යන සමාජ සංවාදයත් සමග තමයි මෙවර මැතිවරණය පැවැත් වෙන්නෙ. මේ හිටපු මන්ත‍්‍රීවරු 225 ගැන ඔබ වහන්සේ දරන්නෙ මොන වගේ මතයක්ද?

පිළිතුර – මොකක්ද අද මන්ත‍්‍රීකමක් කියන්නෙ. පස් කපන්න බලපත‍්‍රයක්, නිධන් හාරන්න බලපත‍්‍රයක්, ගල්කොරිකරන්න බලපත‍්‍ර කරන්න තමයි මන්ත‍්‍රීකම භාවිත කරන්නේ. තමන්ගේ බඩ වඩා ගැනීම ස`දහා වූ වැඩපිළිවෙළක් තමයි ඔවුන්ට තියෙන්නෙ. අපට ඇහෙන්නෙ නෑ අධ්‍යාපනය ගැන, අපේ ගොවිතැන ගැන, නිෂ්පාදන ආර්ථිකය ගොඩන`ගා ගැනීම වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් පිළිබඳ හ`ඩක්. එහෙම අදහසක් නැති පංපෝරිකාරයො ටිකක් තමයි අද මන්ත‍්‍රීකම් දරන්නේ. දේශපාලන සංවාදවලදී අපිට පේනවා මහා ලොකු ෆයිල් දෙපැත්තෙන් අරගෙන එනවා. හැබැයි ඒ දෙපැත්තෙම හරි ෆයිල් අපි ළ`ග තියෙනවා.

අපේ දේශපාලන ආගමන පක්ෂ විපක්ෂ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ මෙතෙක් ආ මග දිහා ආපසු හැරී බලද්දී එක දෙයක් පැහැදිලිව පේනවා. මේ අය සංවර්ධනය ගැන අධිවේගී මාර්ගය වැනි භෞතික සංවර්ධනය ගැන විතරයි කතා කරන්නෙ. එහෙත් මේ භෞතික සංවර්ධනයට යටවුණු සිංහලයට මේ රට අහිමි වීමේ අනතුර ඔවුන්ට පේන්නෙ නෑ. එතන ඉ`දල තමයි අපේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ. සිංහලයට තියෙන රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීති අණපනත් හදන තැන අපට නියෝජනයක් අවශ්‍යයි. භික්ෂූන් වහන්සේට සැලකීම කියන්නේ සුදුරෙද්දක් දාල ව`දින එක නෙමේ. මේ රටේ ශාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මොකක්ද තියෙන කථිකාව. ඒ කථිකාව අපි හදන්න ඕන. මංගල සමරවීර කිව්ව ‘මේ රට බෞද්ධ නෙමෙයි කියල. එක අතකට ඔහු කිව්වෙ ඇත්ත. අපි මංගලට බැණ බැණ ඉ`දල වැඩක් නෑ. මේ රටේ රාජ්‍ය ආගම බුද්ධාගම බවට පත්කර ගන්න ඕන. ඒකටයි වැඩ කරන්න ඕන. ඒ ස`දහා අපට දර්ශනයක් තියෙනවා.

ප‍්‍රශ්නය – කුරුණෑගලින් ඔබවහන්සේ ඇතුළු පිරිසගේ නාම යෝජනා ප‍්‍රතික්ෂේප වුණා. එතනදී මොකක්ද වුණේ. කුමන්ත‍්‍රණයක් වත් වුණාද?

පිළිතුර – ඒක අත්වැරැද්දක් නිසා වුණ දෙයක්. ඒක විශාල අපරාධයක්. දැන් ඒ ගැන කතා කරල වැඩක් නෑ. ඉදිරිය ගැනයි කතා කළ යුත්තේ.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේගේ සිටින නාම යෝජනා ප‍්‍රතික්ෂේප වූ නිසා ජනතාව හිතන්නේ ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ කියලයි. ඇත්තටම ඔබ වහන්සේට පාර්ලිමේන්තු වැඞීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර – එක කවුළුවක් වැසුනට අපි දන්නව තව කවුළු කීපයක් ඒ ස`දහා තියෙන බව. ජාතික ලැයිස්තුවක් තියෙනවා. රට වටේම මිනිස්සු, ඒ කියන්නෙ නාම යෝජනා ප‍්‍රතික්ශේප වූ කොළඹ, කුරුණෑගල, කළුතර, මාතලේ කියන දිස්ත‍්‍රික්ක හැර අනිකුත් දිස්ත‍්‍රික්කයන් හි ජනතාව කොඩිය ලකුණට කතිරය ගැසුවොත් ඥානසාර හාමුදුරුවො පාර්ලිමේන්තුවෙ ඉ`දියි. අපි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ අන් කිසිවක් නිසා නොවෙයි. ඒ ඉස්ලාම් ආක‍්‍රමණිකයාගෙන් මේ රට බේරා ගන්නයි. මේ රටේ මුස්ලිම් ප‍්‍රජාව සිංහලේ මුස්ලිම් ප‍්‍රජාවක් බවට පත්කර ගැනීමට අපි වැඩපිළිවෙළක් නොයෙදුවොත්, අපට විකල්ප දෙකයි තියෙන්නේ. එකක් අපිට මුස්ලිම් වෙන්න වෙනවා. නැත්නම් මැරුම් කන්න වෙනවා.

ප‍්‍රශ්නය – පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිසමේ සිදුකෙරෙන සාක්‍ෂි විමසීමේදී ඔබ වහන්සේ බරපතළ කරුණු කාරණා ගණනාවක් පිළිබඳව හෙළිදරව් කර තිබුණා.

පිළිතුර – පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිසමේ සාක්ෂි විමර්ශනය කරන විට මේ රට තියෙන්නෙ මොන තරම් මාරාන්තික තැනකද කියල සබුද්ධික මිනිස්සු වටහාගන්න ඕනෑ. අද වෙනකම් සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවුරුදු 72 ක ඇතුළත එක පනතක් සම්මත කරගන්න බැරිවෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. නිකං හිතල බලන්න ජාතික නායකත්වයට ජාතික දේශපාලන න්‍යායපත‍්‍රයක් නැති නිසා ඓතිහාසික ජාතියක් වැටිල තියෙන අමාරුව. ඡන්ද ලක්ෂ 110 ක්, බහුතර ඡන්ද බලයක් තියාගෙන මේ සුළු ජනවර්ගවල ඡන්දවලට පීචංවෙලා, බලූවෙලා අක්මුල් නැති කරගත් එකම ජාතිය බවට අද සිංහල ජාතිය පත්වෙලා තියෙනවා. අපට පාර්ලිමේන්තුවේ ඉඩක් ලැබුණොත් විසිරිලා ඉන්න දේශපාලන කණ්ඩායම් එක පෙළකට ගෙන්නලා ජාතියේ මතු පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න අපට මුලපුරන්න හැකිවේවි. ඒක අප‍්‍රසන්න වුණත් ඒ කටයුත්ත කරන්න වෙලා තියෙන්නෙ ජාතිය වෙනුවෙන්.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේලාට බලය ලැබුණොත් ඉස්ලාම් අන්තවාදය නැති කිරීමට ඇති වැඩපිළිවෙළ කුමක්ද ?

පිළිතුර – වහ වහා නීති හදන්න ඕන. ඉස්ලාම් අය හිතන්නේ ශරියා නීති යටතේ මේ රට පාලනය විය යුතුයි කියලා. එකම දෙවියා අල්ලාහ් ඔහුට සියල්ලෝම කීකරු විය යුතුයි කියලා. නැතිවුණු ජීවිත ගැන කම්පාවක් කනගාටුවක් තිබුණත් සහරාන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ, අන්තවාදී ඉගැන්වීම වඩාත් ඉක්මනින් අභ්‍යාස වි`දීමට ලබාදීම පිළිබඳව. මේක තව වර්ධනය වෙලා පිපිරුවා නම්, රටේ එකවර බෝම්බ සීයක් දෙසීයක් පිපිරුවා නම් අද අපිට මෙහෙම කතාකරන්න වෙන්නේ නෑ. අපිට තියෙන කනගාටුව අරාබි සංස්කෘතියට අපේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනයා පවා ගොදුරු කරන්න මේ අන්තවාදී දේශපාලන ක‍්‍රමවේදය, මැති ඇමැතිවරු, ප‍්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහයෝගය ඇතිව නීති අනපණත් ඇතිව ඔවුන් තමන්ගේ ක‍්‍රියාකාරකම් ගොඩන`ගා තිිබීම. ඒකයි මෙහි සෝචනීය තත්ත්වය. අපි මේ කතා කරන මොහොතෙක් එක රටක් කිව්වත් රට ඇතුළේ රටවල් දෙකක් තියෙන්නේ. උදාහරණයක් විදිහට පාසල් ටික මද්‍රසා පාසල් වෙලා. බැංකු පද්ධතිය මුස්ලිම්කරණය වෙලා. විශ්වවිද්‍යාල ශරීයා විශ්වවිද්‍යාල වෙලා. උසාවි, කාති උසාවි වෙලා. ආහාර පද්ධතිය හලාල් වෙලා. සාම්ප‍්‍රදායික මුස්ලිම් අම්මාවරුන් අරාබිවෙලා. සංස්කෘතිය අරාබිවෙලා. පද්ධතිය ඇතුළෙම අරාබි සංස්කෘතියක්, ඉස්ලාම් රාජ්‍යයට අවශ්‍ය කරන අදාළ පරිපාලන ඒකක දැන් පිහිටුවාගෙන ඉවරයි. ඒක තමයි මේකෙ ඇත්ත කතාව. මේ මට්ටමින් හෝ මේක හෙළිදරව් කරගෙන පාර්ලිමේන්තුවෙ ඉන්න පොතක් පතක් කියවන්නෙ නැති වුන්ට මේක පහදන්න ඕන නැද්ද. මේ අය මහා ලොකු දේවල් කතා කරන්නේ මේ රටේ මහපොළොව ගැන අමතක කරලා. ඒ නිසා අපට ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන් කමක් නෑ.

අපි දේශපේ‍්‍රමය වපුරනවා. ඒ සැබැ දේශපේ‍්‍රමය. අවාසනාවකට ඡන්ද කාලයට ඇවිත් ව්‍යාජ දේශපේ‍්‍රමය අපි රෝපණය කරන බීජ ඡන්ද බවට පත්කරගෙන ජනතාව මුළාකරමින් පාර්ලිමේන්තුවට යනවා. ගිහින් වෙන වෙන දේවල් කර කර ඉ`දල අවසානයේදී දන්නෙම නැතිව සිංහලයන්ට රට අහිමි කරනවා. ඒ නිසා එළියෙ ඉ`දන් කෑගැහුවට ඇති වැඩක් නෑ.

මේ රටේ ජනගහනය පාලනය කිරීමේ නීති ගේන්න ඕන. ඒක ජාතිය ආගම් අනුව නෙමේ. මේ රටේ තියෙන සම්පත් අසීමිතයි. එවිට සම්පත්වලින් නියම ප‍්‍රයෝජන අපිට ගන්න බැරිව යනවා. ජනගහනය පාලනය කිරීමක් අවශ්‍ය බව අපි කියන්නේ ඒ නිසයි. ඒ නිසා ජනගහනය පාලනය කිරීම් පනත වහාම ගෙන ආ යුතුයි. නිකාබය බුර්කාව ගලවන්න ඕන. ඒක ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. මද්‍රසා පාසල් වහන්න ඕන. ශරියා විශ්වවිද්‍යාල නතර කළ යුතුයි. ඉස්ලාම් බැංකු පද්ධතිය නතර කළ යුතුයි. එක රටක එක මූල්‍ය පද්ධතියක් පමණයි තිබිය යුත්තේ. ඉස්ලාමය කියන්නෙ මෙන්න මේකයි කියල රටේ ජනතාවට විවෘතව කිව හැකි පරිසරයක් උදාකරන්න ඕන. අන්තවාදී ඉගැන්වීම්වලට කැමැති අය එක පැත්තකටත්, අනෙක් අය තවත් පැත්තකට දාන්න පුළුවන්. තීරණය ගන්න ලේසියි. දැන් වෙලා තියෙන්නේ සජිත් පේ‍්‍රමදාසගෙ සමගි ජන බලවේගයෙන් මුස්ලිම්වරු 36 දෙනෙක්ට නාම යෝජනා දීල තියෙනව. රනිල් වික‍්‍රමසිංහගෙන් 29 ක් දීල තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් විසි දෙනකුට නාම යෝජනා දීල තියෙනවා. පොහොටේටුවෙන් 7 කට දීල තියෙනව. සංඛ්‍යාව 95 ක්. ඒ පක්ෂවල ජාතික ලැයිස්තුව අරගෙන බලන්න. මේ රටේ 10%ට අඩුයි මුස්ලිම් ප‍්‍රමාණය. හැබැයි සජිත්ගෙ ජාතික ලැයිස්තුවෙන් 28% ඒ කියන්නෙ නම දෙනෙක් ඉන්නව මුස්ලිම් අය. මේ දේශපාලනඥයො කරන්නෙ තමන්ගෙ කණ්ඩායමට තමන්ගෙ ගොඩට බලය ගොඩන`ගා ගැනීමට ඕනම වරදානයක් දීමට සූදානම් වීම. යහපාලන ආණ්ඩුව තුළ රටට මොකක්ද වුණේ බලන්න. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තුළ අන්තවාදී බලවේග සන්නද්ධ වුණා. පොහොසත් වුණා. ශක්තිමත් වුණා. මේ වෙලාවේ හිරේ ඉන්න ඕන බදියුදීන් ඉන්නෙ කොහෙද? හකීම් ඉන්නෙ කොහෙද? අද භයානක ත‍්‍රස්ත කල්ලි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන රැකවරණය ලබනවා. මේව හෙළිදරව් කරල කුඩුපට්ටම් කරන්න ඕන නැද්ද?

ප‍්‍රශ්නය – ඔබ වහන්සේලා පාර්ලිමේන්තුව තුළ යම් බලයක් ලබාගැනීමේ අරමුණක් තියෙන බව පැවැසුවා. එතනදී නීති සම්පාදනය වැනි කාර්යයන් ස`දහා ඔබ වහන්සේලාට මැදිහත් වෙන්න පුළුවන් වෙයි කියල හිතනවද?

පිළිතුර – වඩා වැදගත් අපේ මතය. 1998 එල්.ටී.ටී.ඊ. ගාව දණින් වැටිල හිටපු නායකයො කෙලින් හිටෙව්වෙ අපි. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තය රටේ හිටියෙ නෑ. බැසිල් රාජපක්ෂත් හිටියෙ නෑ. හැබැයි ත‍්‍රස්වාදයෙන් මේ රට මුදාගත හැකියි, මුදාගත යුතුයි, එල්.ටී.ටී.ඊ. යුදමය වශයෙන් පරාජය කළ හැකියි කියන මතය හැදුවෙ අපිනෙ. ඒ මතය 98 හැදුවට ජයග‍්‍රහණය කළේ 2009. ඒ වගේ තමයි ඉස්ලාම් ප‍්‍රශ්නයත්. අපි දන්නව පාර්ලිමේන්තුව ඇතුළට ගියොත් කොහොමද ඒක කරන්න ඕන කියල. මේ අනතුර ගැන අපි සියලූ දේ දන්නව. අපේ දේශපාලනඥයො දන්නෙ සිද්ධි ගැන විතරයි. සිද්ධි ඕනම රටක වෙන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත්. එවැනි අන්තයකට මේ මිනිස්සු තල්ලූකරන න්‍යාය හ`දුනා ගැනීම ඒ ගුරුහරුකම මොකක්ද? ඒකට තමයි හේතුඵලවාදී න්‍යාය කියන්නෙ. හේතුඵලවාදී න්‍යාය මේ දේශපාලනඥයන් ප‍්‍රශ්න නොකරන තාක් කල් ප‍්‍රශ්නයට උත්තරයක් නෑ. සහරාන්ගෙ ප‍්‍රහාරය ගැන මේ දේශපාලනඥයො කතා කරන්නෙ මොනවද? ඒකට නියම හේතුව ගැන අවබෝධයකින් නොවේ. අපි ඒ දිහා බලන්නෙ මූලධර්ම අනුව. මූලධර්ම අනුව තමයි ඒ අය අන්තගාමීව උන්මත්තක වැඩවලට පෙළඹී තියෙන්නෙ. එවැනි හේතුව නොවිමසා ඵලය නසන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනව මේ ඉන්න වඩා හිතැති, රටට හිතැති මොනව වුණත් ඔය පංචස්කන්ධය ඇතුළෙ ඇතිනෙ සිංහලයෙක්, උන් ටික අවදි කරමින් මේ තියෙන අවදානම පෙන්වා ඒ අරගලය කරන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා.

Related posts

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

25දා සුරා සැල් වසයි

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

colombotoday

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday