Colombo Today Local News

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද පෙරවරු 10.30ට සාක්කි දීම ආරම්භ කළේය.

මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඒ සඳහා පැමිණිය නොහැකිවීම පිළිබඳව ඇමැතිවරයා සමාව ඉල්ලා සිටියේය. අනතුරුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දන්වා සිටියේ හිටපු මහ බැංකු අධිපතිට ලිපියක් යැවීම, මොනැක් අපාර්ට්මන්ට් හි පදිංචිවීම හා මිලදී ගැනීමට අදාළව සාක්කි දීමට ඇමැතිවරයා පැමිණ ඇති බවයි.

එහිදී රවී කරුණානායක දන්වා සිටියේ අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමා සූදානම් බවයි.

බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඇමැතිවරයාට දැනුම් දී සිටියේ කොමිසමට සත්‍ය ප්‍රකාශ කළහොත් කිසිදු ගැටලුවක් සිදුනොවනු ඇති බවයි.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

colombotoday

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම අනිවාර්යෙන්ම හදනවා – ඉන්දීය රාජ්‍ය ඇමති කියයි

colombotoday

“ඉන්දියාවෙන් IT වෘත්තිකයන් ගෙන්වන්නේ ඇමරිකාවට කරට කර තරගයක් දෙන්නයි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

ජනපතිගෙන් රුසියාවේ නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට උපහාර (Photo)

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin