Colombo Today Local News

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

රවි කරුණානායක පදිංචිය සඳහා අර්ජුන් ඇලෝසියස් අරගෙන දුන් අති සුඛෝපභෝගී මහල් නිවාස යුගලය මිල දී ගත් රුපියල් ලක්‍ෂ 1650න් ලක්‍ෂ 1450ක්ම “කළු සල්ලි” නොවේ දැයි බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරුවරයා එම ගනුදෙනුවට සම්බන්ධවූ ග්ලෝබල් ලොජිස්ටික් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයාගෙන් විවෘතවම විමසා සිටියේය.

එම මුදල් කිසිදු ගිණුමක හෝ ලියකියැවිල්ලක හෝ රිසිට් පතකවත් සඳහන් නොවූ සමාගම් සේප්පුවේ රහසිගතව සඟවා තිබූ මුදල් බව ඔහු පිළිගත්තේය.

තවද මෙම මුදල් එම සේප්පුවේ සැඟවීම සඳහා තමාට ගෙනැවිත් දුන්නේ රවි කරුණානායකලාගේ පවුලේ සමාගමක් වන ග්ලෝබල් ලොජිස්ටික් සමාගමේ සභාපති ලක්‍ෂ්මි කාන්තන් විසින් බව ද ඔහු කොමිසම හමුවේ හෙළිකර සිටියේය.

තවද එකී රුපියල් ලක්‍ෂ 1450න් ලක්‍ෂ 700ක් පළමුවත්, ලක්‍ෂ 750ක් දෙවනුවත් තමාට ගෙනැවිත් දුන්නේ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබරවාරි මාසයේ බවද අතිරේක සොලිසටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

colombotoday

ජාතීන් අතර ගැටුම් ඇවිලවීමට උත්සහා කරන අන්තවාදීන්ට වහාම දඩුවම් දෙන්න….

colombotoday

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday