Colombo Today Local News

“රට පාලනය කරන හැටි අපි හොදට දන්නවා.. උපදෙස් ඕන නෑ” – මංගල මහින්දට කියයි

රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඉකුත් 26 වැනිදා හිටපු ජනාධිපතිවරයා ට්විටර් සමාජ ජාල සේවාව ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනත් අයෙකු සමඟ ඕවෑම වේලාවක සාකච්ඡා කිරීම තමන් සූදානම් ‘ බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ට්විටර් පණිඩයක් නිකුත් කරමිනි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් මෙසේද කියා සිටී.

‘ ඇත්ත වශයෙන්ම රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ උපදෙස් අපට අවශ්‍ය නොවේ. ඔබගේ සිටි කාලය තුළ මේ රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකට පත් කළා.අපි පිරිසිදු කරමින් සිටින්නේ ඒ සියලූ දේයි .ඒ නිසා ඊට ඔබගේ උදව් අනවශ්‍ය යැයි‘ සඳහන් කර තිබිණි.

Related posts

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

අගමැති රැකගන්න පුරවැසි බලය එයි.. ජනපතිට ඉල්ලා අස්වී ගෙදර යන්න කියයි

colombotoday

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් වියයුතුයි

Admin

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

සජිත්ට දැමූ කොන්දේසි ගැන එළියේ කතා කරන්නේ නෑ – රවී කරුනනයක

colombotoday