Colombo Today Local News

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත මේ වන විටත් සකසා ඇති අතර මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය සහ ඊට අයත් ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර වසර 150 ක බදු කාලයකට මෙසේ ලබාදීමට නියමිතය.

මෙම බදුදීම සිදුකරනු ලබන්නේ බංග්ලාදේශයේ ”ලාල්ටීය සීඩ්” නැමති පුද්ගලික සමාගමටය.

දැනට ශ්‍රී ලංකාවේ බීජ අවශ්‍යතාවෙන් සියයට අනූවක්‌ සපයනු ලබන්නේ දේශීය පෞද්ගලික ආයතන වන අතර එවැනි දේශීය ආයතන මේ පිළිබඳ කිසිත් දැනුවත් නොකර මෙම දීර්ඝකාලීන බදු දීම සිදුකරන බව සමස්‌ත ලංකා බීජ නිෂ්පාදන සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා පැවැසීය.

– දිවයින

Related posts

ඇමති ගෝලයෙකුගෙන් බලපෑම්.. පාරිභෝගික අධිකාරිය, පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතයි

colombotoday

ගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් සටහනක්.

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

පනාගොඩින් අසුවූ ලංකාවේ ලොකුම ෆේස්බුක් සාදය. තරුණ තරුණියන් 400කට අධික පිරිසක්.

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

colombotoday