Colombo Today Local News

ජවිපෙ මැයි රැලිය පුරවන්න පාසල් ළමුන් බලහත්කාරයෙන් අරන් ඇවිත් !

අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි පළමු වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියට සහභාගි කරවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම මැයි රැළියට සහභාගි වු දරුවකුගේ පියෙකු විසින් අදාළ පැමිණිල්ල සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම පාසලේ ගුරුවරුන් තිදෙනකු මෙම සිසුන් රැගෙන ගිය බවට රැළියට සහභාගි වු සිසු සිසුවියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදුන් ලිපියේ සඳහන්. එම දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක්ද අය කරගෙන ඇතැයි ද වැඩි දුරටත් පවසා තිබෙනවා.

අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ කොළඹ බලා පිටත්ව වී ඇති සිසුන් පසුදින අලුයම කොළඹට පැමිණි පසුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබෙන බවත්, ඉන්පසුව තමන් ජනතා විමුක්ති මැයි රැළිය ආරම්භක ස්ථානය වෙත රැගෙන ගොස් රතු තොප්පි ලබා දි මැයි පෙළපාලියට සහභාගි කර ගත් බවත් සිසුන් ඉදිරිපත් කර ඇති ලිපියේ දැක්වෙනවා.

වරාපිටිය විදුහලේ විදුහල්පති සේනක බංඩාරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා බවත් මේ ගැන සියලු තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවයි.

මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.බී. ධර්මදාස පැවසුවේ වරාපිටිය ගම්මානයේ දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් මේ ගැන පරීක්ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ ගුරුවරයකු පොල්ලකින් තමන්ට පහර දීමට පැමිණි බවයි.

පසුව තමන් 119 දුරකථන අංකයට දැනුම් දී, මහඔය පොලිසියෙන් පැමිණි පසු මේ ගැන සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත් පැවසුවා.

මෙම ගුරුවරයාගෙන් ලැබුණ විරෝධය නිසා පරීක්ෂණ කටයුතු තාවකාලිකව නවතා ඇති බවත් මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.

Neth

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

තවත් ඇමති පැටව් තිදෙනෙක්..! මනූෂ, තෙවරප්පෙරුම, ලක්ෂමන් ඇමතිධුරවල දිවුරයි

colombotoday

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday