Colombo Today Local News

යාපනය – මනල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවයි !

පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් අන නොතකා ධාවනය කළ වැලි ලොරියකට පොලිසිය විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද (11) දහවල් නෙල්ලියඩි වේරුන්දම් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර නෙල්ලියඩි හා මනලකාඩු ප්‍රදේශයට අද දිනයේද පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබේ.

පපු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් හදවතට ලේ ගලායාම නිසා මරණය සිදුව ඇති බවට එම තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරමින් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. මයුරධන් මහතා කියා සිටියේය. 24 හැවිරිදි යෝගරාසා දිනේස් තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණ.

අදාල සිදුවීමෙන් පසු කෝපයට පත් වූ නෙල්ලිඅඩි ප්‍රදේශයේ සංවිධානාත්මක පිරිසක්‌ පේදුරුතුඩුව කැටේ හන්දිය පොලිස්‌ මුරපොළට පෙරේදා (09 වැනිදා) රාත්‍රි පහර දී ගිනි තබා විනාශ කර තිබිණි.

Related posts

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාරයා නෙරපනු.. සම්පූර්ණ බලය අපට දෙනු” – මහඇමති නසීර් තවත් සැරවෙයි

colombotoday

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

Admin

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීනිප මධ්‍යම කාරක සභාවෙන්, ජනපති සිරිසේනගේ නියෝගයෙන් නෙරපා දමයි

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ… පළමු තැන් දිනූ හපන්නු මෙන්න…

colombotoday