Colombo Today Local News

යහපාලනයේ අමුතු චන්ඩියා ‘වී අංගොඩ‘.. ජනාධිපතිතුමෝ මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න

පරවැසි බලයේ අමුතු චණ්ඩියෙක් වන වී. අංගොඩ නැමැත්තාගේ පවුලේ සමාගමකට සංහිදියා ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 250ක් වෙන් වී ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මාගල්කන්දෙ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේය. එහිමියන් දැක්වූ අදහස් පහතින්.

“එන්.ජී.ඕ බත්බැලයෝ පාවිච්චි කරලා මහනායක හාමුදුරුවන්ට පහර පිට පහරලා ගහනවා. පරවැසි බලය කියලා කෙහෙල්මලක් තියනවා. ලාංකීය මානසිකත්වයක් නැහැ. ඩොලර් වලින් නඩත්තු වන උදවිය නේ. මුන්දැ කියනවා මේ තුන්නිකායට බලයක් නැහැලු. ඒකටම එකතුවෙලා ඉන්න දබල අමර කියලා හාමුදුරුවෝ කෙනෙක්. බුදුහාමුදුරුවෝ එයාට දෙක. එක තමයි මාකස්වාදය. එයත් කියනවා මේ මහනායක හාමුදුරුවෝ කරන ප්‍රකාශ නිසා පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයයකට පත් වෙලාලු. තව ඉස්සරහට දඹර අමිල හිමියන්ට පාරේ බැහැලා යන්න බැරි වෙයි. මිනිස්සු අසූචි වලින් ගහයි. අපි මහනායක හාමුදුරුවන්ට කියනවා වහාම දඹර අමිල හාමුදුරුවන්ව නිකායෙන් නෙරපන්න. යහපාලනයේ අමුතු චන්ඩියෙක් ඉන්නවා නේ වි අංගොඩ. ඒ වී අංගොඩ කියනවා රට පාලනය කරන්න ඕනේ නැහැලු හාමුදුරුවෝ කියන විදියට. අංගොඩ උන්නැහේගේ පවුලේ සමාගමකට ලක්ෂ 250 ක් වෙන්කරන්න සියළු කටයුතු සූදානම් වෙලා තියනවා. සංහිදියා ව්‍යාපෘතියකට කියලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා වහාම මේ එන්.ජී.ඕ. බත්බැලයෝ ටික නිහඩ කරන්න,”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බහුතර ජනවරමක් නැහැ. ඒ වගේම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් එය බහුතර ජාතියගේ කැමැත්තට මතයට සහ බෞද්ධ මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවලට අනුව සිදුවිය යුතුයි. රටට සිදු වෙමින් තිබෙන විපත්තිය, බෙදුම්වාදය නැවත හිස එසැවීම, රණවිරුවන් පාවා දීම ආදිය පිළිබඳව බහුතරයක් ඉන්නේ කලකිරීමෙන්. අස්ගිරිය පාර්ශ්වය ප්‍රමුඛ තෛනිකායික මහ නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන් සියල්ලම රට දැය සමය බේරා ගැනීමට සාමූහිකව එකතු වීම විශාල ජයග්‍රහණයක්.යහපාලනය සංහිඳියාව ඇති කරන්න ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇති නම් ජාතිවාදී හලාල් සහතිකකරණ නැති කළ යුතුයි. කාති උසාවියත් ෂරියා නීතිය සහ තේසවලාමේ නීතියත් අහෝසි කළ යුතුයි. ජාතිවාදී බෙදීම් තිබෙන තාක්කල් සංහිඳියාවක් මේ රටේ ගොඩනැඟිය හැකි වන්නේ නැහැ. “

මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1495342373819118/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday

සුද්ද සිංහලෙන් කියලත් වැඩවර්ජනය කළ දුම්රිය සේවකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

Admin